විදුලි ජනක යන්ත්‍රයකට වුණ දේ

views 587 2019-01-12 03:37:00 news

කොළඹ පිහිටි පුද්ගලික ආයතනයකට අයත් ලොරි රථයක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා සහභාගි වූ අවස්ථාවේ දී එහි සවිකර තිබූ  විදුලි ජනක යන්ත්‍රයක් පසුගියදා කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබේ.

මේ පිළිබඳව ඇඹිලිපිටිය කුට්ටිගල පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව පැයක පමණ කාලයක් තුළදී සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින්ට හැකිවි තිබේ.

අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී  ඇඹිලිපිටිය පදලංගල ප්‍රදේශයේ සඟවා තිබූ විදුලි ජනක යන්ත්‍රය සොයා ගෙන ඇත.
 


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post