පොහොට්ටුව විවේචනය නොකරනු..නව සන්ධානයට කඩා කප්පල් නොකරනු-ජනපති ශ‍්‍රීලනිප ලොක්කන්ට ටොකු අනී

views 1051 2019-01-12 02:24:00 news

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව ගොඩනැගෙමින් ඇති නව සන්ධානය කඩාකප්පල් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් නොකරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රීලනිප ඉහළ නිලධාරීන් පිරිසකට දන්වා තිබේ.

ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ විවේචනය කරමින් ශ‍්‍රීලනිප ප‍්‍රධානීන් විසින් ආසන්න දින කිහිපයේදී අදහස් පල කිරීම නිසා ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

ශ්‍රීලනිපයේ ඉහලම තනතුරු හොබවන මන්ත්‍රීවරුන් තිදෙනකුද මෙසේ අවවාද ලැබූ පිරිස අතර සිටින්නේ යයිද වාර්තා වෙයි.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post