මං එනකොට පොඩි ගදක්වත් තියෙන්න බෑ..ගද අවොත් මට කේන්ති යනවා- බස්නාහිර මහ ඇමති

views 848 2019-01-11 02:42:00 news

කරදියාන කසළ අංගනය ගඳ තමනට ඉවසන්න බැරි බව බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා එහි පැමිණි අවස්ථාවේදී නිලධාරීන්ට චෝදනා කළේය.

තමනට ඉවසන්න බැරි ගද එම ප්‍රදේශයේ ජනතාව කෙසේ වනු ඇතිදැයි මහ ඇමැතිවරයා ප්‍රශ්න කළේය.

එහි මිහිසර තොරතුරු කේන්ද්‍රය විවෘත කිරීමේ උත්සවය සඳහා පැමිණි ඇමතිවරයා නිලධාරීන්ට මෙසේ චෝදනා කළේය.

මෙම දුර්ගන්ධය නැති කිරීම සඳහා වහා රසායනික යොදන ලෙසද කී මහ ඇමතිවරයා රාජකාරිය නිසි ලෙස ඉටු කරන්නේ නම් එතරම් දුගඳක් තිබිය නොහැකි බව ද සඳහන් කළේය.


(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post