බ්‍රිතාන්‍යයේ තාවකාලිකව වසා දැමුණු ගුවන් තොටුපලින් මගීන්ට අපහසුතා

views 104 2019-01-09 11:17:00 business

ගුවන්තොටුපොළට ඉහළ අහසේ ඩ්‍රෝන යානා නිරීක්ෂණය කිරීමත් සමඟින් බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමීමට බලධාරීන් කටයුතු කළේය.

යුරෝපයේ කාර්යබහුලම ගුවන්තොටුපොළ මෙසේ වසාදැමීමෙන් මගීන් දැඩි අපහසුතාවට පත්වූ බව විදෙස් වාර්තා පවසයි.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන්තොටුපොළ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන්ට සිදුවිය.

ගුවන්තොටුපොළට ඉහළ අහසේ අදාළ ඩ්‍රෝන යානා පියාසර කර ඇති බවට එහි ආරක්ෂක අංශ නිරීක්ෂණය කිරීම ඊට හේතුවයි.

මේ හේතුවෙන් ගුවන් යානා සහ මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ පියවර ගත් බව බලධාරීන් පවසයි.

මතුවූ හදිසි තත්ත්වය හේතුවෙන් යුරෝපයේ වඩාත් කාර්ය බහුලම ගුවන්තොටුපොළ ලෙසින් හැඳින්වෙන හීත්‍රෝ ගුවන්තොටුපොළ වෙත පැමිණි මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වනවා.

ගුවන්තොටුපොළ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් පියාසර කිරීමේ විධානය අපේක්ෂාවෙන් ගුවන් යානා නවත්වා ඇති ආකාරය ද නිරීක්ෂණය කෙරුණා.

ලන්ඩන් නුවර දෙවන කාර්ය බහුලම ගුවන්තොටුපොළ වන ගැට්වික් ගුවන්තොටුපොළද පසුගිය දෙසැම්බර් මාසයේදී මෙවැනිම ඩ්‍රෝන අවදානමක් හේතුවෙන් වසා දැමීමට සිදුවිය.

අඛණ්ඩව තෙදිනක් පුරා මෙලෙස ඩ්‍රෝන නිරීක්ෂණය කිරීමෙන් පසුව ගැට්වික් ගුවන්තොටුපොළ කටයුතු අඩාලවීමෙන් ගුවන්ගමන් වාර 1000ක් පමණ අවලංගු කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post