ඉන්දියාවෙන් වෙච්ච අපකීර්තිය වසා ගැනීමට ඕස්ට්‍රේලියාව ලංකාවට එරෙහිව සැළසුම් කරයි

views 598 2019-01-09 11:16:00 sport

ශී‍්‍ර ලංකාවට එරෙහි ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේදී සිය පිතිකරණ ශක්තිය වර්ධනය කර ගැනීමට ඕස්ටේ‍්‍රලියාව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව විසි හැවිරිදි නවක කී‍්‍රඩකයෙකු වන විල් පොකෝව්ස්කි කණ්ඩායමට කැඳවා ඇති අතර ප‍්‍රබල කී‍්‍රඩකයින් දෙදෙනෙකු වන ජෝ බර්න්ස් සහ මැක් රැම්සෝව් ද යළි කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

ඊට ප‍්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ඉන්දියාවට එරෙහි තරගාවලියේදී  ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් දැක්වූ දුර්වල කී‍්‍රඩා විලාශයයි.

4 වන ටෙස්ට් තරගයේදී ඔවුන්ට පිට පිට දෙවන වරටත් පන්දුවට පහරදීමට සිදුවූ අතර සිය මව් රටේදී  ඕස්ටේ‍්‍රලියාවට එවැනි ඉරණමක් පත්වූයේ වසර 31 කට පසුවයි.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post