ගොඩනැඟිලි සංකීර්ණයක පළුද්දක්-පුද්ගලයින් 3000ක් ඉවතට

views 608 2018-12-26 12:13:00 world

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගොඩනැගිලි සංකීර්ණයක හටගත් පළුදු වීමක් හේතුවෙන් පුද්ගලයින් 3000 ක පමණ පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

සිඩ්නි “ඔපෑල් ටවර්” යන නමින් හඳුන්වන අදාල ගොඩනැගිලි සංකීර්ණයේ 10 වන මහලේ මෙම පළුදු වීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ හේතුවෙන් ගොඩනැඟිලි සංකීර්ණය අවට කිලෝමීටරයක පමණ වූ ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

විශේෂ පරීක්ෂාවකින් අනතුරුව අදාල ගොඩනැඟිල්ල පිළිබද වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

මහල් 33 කින් සමන්විත ඔපෑල් ටවර් ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත්තේ මෙම වසර මුලදී බව ද සඳහන්.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post