ජපානයේ අවන්හලක ප‍්‍රබල පිපිරීමක්

views 279 2018-12-17 09:36:00 world

ජපානයේ නැගෙනහිර සපෝරෝ නගරයේ අවන්හලක ප‍්‍රබල පිපිරීමක් සිදුව තිබෙනවා.

මේ වනවිට ලැබී ඇති වාර්තාවලට අනුව පිපිරීමත් සමග ගින්නක් ද හටගෙන ඇති බවයි පැවසෙන්නේ.

එහිදී තුවාල ලබා ඇති සංඛ්‍යාව හතළිස් දෙදෙනෙක්. කෙසේවෙතත් පිපිරීමට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නැහැ.

ගෑස් කාන්දුවක් ඊට හේතු වන්නට ඇති බවටද විශ්වාසය පළ වනවා. තවදුරටත් පිපිරීම් ඇති වනු ඇතැයි සැකය හේතුවෙන් ගිනි නිවන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමටයි පියවර ගෙන ඇත්තේ.


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post