හදිසියේ ගොඩ බැස්වූ යානය

views 344 2018-11-30 01:03:00 world

ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ජී 20 සමුළුවට සහභාගී වීම සඳහා ආර්ජන්ටිනාව බලා ගමන් කරමින් සිටි යානය කාර්මික දෝෂයකට ලක් වීමෙන් හදිසියේ ගොඩබස්වා ඇත.

ජර්මනියේ බර්ලින් නුවර සිට යානය ගුවන්ගත වී මද වේලාවකින් නැවත ගොඩබැස්වීමට සිදුව තිබේ.

බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ යානයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ දෝෂ කිහිපයක් හටගෙන ඇති බවයි.

ජර්මන් චාන්සලර්වරිය ඇතුළු නියෝජිත පිරිසට කිසිදු හානියක් සිදුව නොමැති අතර ඔවුන් අද ආර්ජන්ටිනාව බලා පිටත්ව යාමට නියමිතය.

මේ හේතුවෙන් ජර්මන් චාන්සලර්වරියට ජී 20 සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමට අවස්ථාවක් නොලැබෙන බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post