CIA ආයතන නිකුත් කළ වාර්තාවේ නිගමනය ට්‍රම්ප් කියයි

views 258 2018-11-23 09:33:00 world

මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනයට සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ සම්බන්ධයක් පවතින බවට සී.අයි.ඒ ආයතන පවසා නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

ට්‍රම්ප් පවසන්නේ එවැනි ඝාතනයක් සඳහා සල්මාන් කුමරුගේ අනුග්‍රහය අවශ්‍ය බවට උපකල්පනය කිරීමක් පමණක් සී.අයි.ඒ ආයතනය විසින් සිදු කර ඇති බවයි.

ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සී.අයි.ඒ ආයතනය විසින් නිකුත් කළ වාර්තාව තමන් සතුව පවතින බවත්, අදාළ ඝාතනය සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක සල්මාන් කුමරු සම්බන්ධ බවට ඉන්  නිගමනයකට පැමිණ නොමැති බවත් ට්‍රම්ප් පවසා තිබේ.

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි පසුගිය ඔක්තෝබර් දෙවනදා තුර්කියේ ස්ථාන්බුල් හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සෞදි නිළධාරීන් කිහිප දෙනෙකුට මරණ දඬුවම නියම විය.
 


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post