ගොවීන්ගේ වගා ණය ගෙවා දැමූ සුපිරි නළුවෙක්

views 352 2018-11-21 12:26:00 world

සිය පෞද්ගලික ධනයෙන් ගොවීන් දහසකට අධික පිරිසකගේ වගා ණය ගෙවා දැමීමට සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් කටයුතු කර තිබේ.

අදාල ණය මුදල් ගෙවීම සඳහා ඔහු විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 05 ක මුදලක් වැය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිය උපන් ප්‍රදේශය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොවීන් 1398 දෙනෙකු විසින් රජයේ බැංකු වෙතින් ලබාගෙන තිබූ ණය මුදල් අමිතාබ් බච්චන් මෙලෙස පියවා ඇති බව සඳහන් වෙයි.

ඉන්දියාවේ ගොවීන් දහස් සංඛ්‍යාත පිරිසක් වගා ණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අතර ණය ගෙවාගත නොහැකිව 1995 වසරේ සිට ගොවීන් ලක්ෂ 03 කට ආසන්න පිරිසක් සියදිවි හානි කරගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනු ලබයි.

76 හැවිරිදි අමිතාබ් බච්චන් මීට පෙර ද මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ ගොවීන් 350 දෙනෙකුගේ වගා ණය සිය පෞද්ගලික ධනයෙන් ගෙවා දැමීමට පියවර ගෙන තිබුණි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post