ග්‍රෙනේඩ් ප්‍රහාරයකින් 3ක් මරුට

views 146 2018-11-19 02:00:00 world

ඉන්දියාවේ අම්රිත්සාර් නගරයේ සිදුවූ ග්‍රෙනේඩ් ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 20කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ සික් ජාතිකයින්ගේ ආගමික උත්සවයකටයි.

යතුරුපැදි වලින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වේ.

මේ අතර  ප්‍රහාරය එල්ලවූ භූමියේ 250කට ආසන්න පිරිසක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

පාකිස්තානයේ සහාය ලබන සික් බෙදුම්වාදීන් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට ඉන්දීය බලධාරීන් සැක පල කළත් පාකිස්තානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ නමුත් මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැත.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post