බැක්ටීරියා නිසා සෑම වසරකම දරුවන් 58,000කට දිවි අහිමි වෙයි

views 179 2018-11-19 11:18:00 world

ප්‍රතිජීවකවලට ඔරොත්තු දිය හැකි බැක්ටීරියා හේතුවෙන් ඉන්දියාව තුළ සෑම වසරකම දරුවන් 58,000ක් පමණ මියයන බව වාර්තා වේ.

නාගරික අපද්‍රව්‍ය, ගංගා ඇතුළු ජල පද්ධති වලට එකතුවීමෙන් ප්‍රතිජීවක වලට ඔරොත්තු දෙන බැක්ටීරියා නිර්මාණය වන අතර එමගින් දැඩි සෞඛ්‍ය අවදානම් තත්ත්වයන් නිර්මාණය වන බව ඉන්දීය  මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රතිජීවක සම්බන්ධයෙන් ඉන්දියාවේ පැවති සම්මන්ත්‍රණයකදී මේ බව අනාවරණය කර ඇති අතර ප්‍රතිජීවක ප්‍රතිරෝධී ආසාදන හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 07ක් පමණ වසරකට මියයන බව එහිදී සඳහන් කර ඇත්තේය.

2000 සිට 2015 අතර කාලය තුළ ලොව පුරා මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නන්ගේ ප්‍රතිශතය සියයට 65කින් පමණ  වැඩි වී ඇති අතර ඉන්දියාවේ එම අගය සියයට 103ක්  බව සඳහන් වේ.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post