වසර 70ක් පැරණි කාටූන් චිත්‍රපටයක් හමු වෙයි

views 290 2018-11-16 09:40:00 world

අස්ථානගතව තිබූ වසර 70ක් පමණ පැරණි කාටූන් චිත්‍රපටයක් ජපානයෙන් හමුවී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කලේ මිකී මවුස් අඩංගු ද්වීමාන චිත්‍රපටයක් වන එය වෝල්ට් ඩිස්නි සමාගමේ නිර්මාණයක් ලෙස එය ලොව අස්ථානගත චිත්‍රපට 07න් එකක්ව පැවති බවයි.

යසුෂී වැටනේබ් නැමැති ජපන් ජාතික පුද්ගලයෙකු සිය තරුණ අවධියේදී අදාළ චිත්‍රපටය ජපානයේ ඔසාකා ප්‍රදේශයේදී මිලදී ගෙන ඇති අතර මේ වන විට ඔහු 84 වියෙහි පසුවන බව සඳහන්ය.  

පසුගියදා අදාළ චිත්‍රපටය පිළිබඳව තොරතුරු සොයාගන්නා තුරුම වසර 70ක් පුරා යසුෂී වැටනේබ් සන්තකයේ තිබී ඇති අතර එහි පිටපතක් සහිත එකම පුද්ගලයා ඔහු වන බව විදෙස්මාධ්‍ය පවසයි.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post