පෙම්වතා මිය ගිය බව දැනගත් 17හැවිරිදි සිසුවිය සිය දිවි නසාගෙන

views 297 2018-11-09 01:42:00 news

වල්පිටගම ප්‍රදේශයේ හෝටලයක පිහිටි ජලාශයකදී බෝට්ටුව පෙරලී ඉකුත් 6 වැනිදා මියගිය 18 හැවිරිදි පාසල් සිසුවා සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බැව් කියන 17 හැවිරිදි පාසල් සිසුවියක්, ඔහුගේ මරණය පිළිබඳ පුවත සැලවීමෙන් බලවත් සිත් වේදනාවට පත්ව සිටී පෙම්වතිය  සිය නිවෙසේ ගෙවත්තේ වූ ළිඳට පැන සියදිවි හානි කරගෙන ඇතැයි පන්නල පොලිසිය පවසයි.

ඇය පන්නල ප්‍රදේශයේ පාසලක සිසුවියක් බවද සදහන්.

ඉකුත් 7 වැනි දින පාසලට ගොස් නැති ඇය නිවෙසින් හදිසියේ අතුරුදන්ව සිටි බවත් ඇය සොයා ගම්වැසියන්ද ඇතුළු විශාල පිරිසක් ගම පීරමින් සැකකටයුතු තැන්ද පිරික්සා බලා ඇති නමුත් ඇය පිළිබඳ හෝඩුවාවක් ලැබී නැතැයි පැවැසේ.

පසුව කුලියාපිටිය පොලිසියේ නිල සුනඛ අංශයේ "විකී" නම් නිල සුනඛයා පොලිසිය මඟින් සිසුවියගේ නිවෙසට කැටුව විත් සිසුවියගේ ඇඳුමකින් ලබා දුන් ඉව ඔස්සේ ගෙවත්තේ ළිඳ කරා ගොස් ඒ අසල නැවතී බුරන්නට වූ හෙයින් අසල්වැසි අයකු ළිඳට බැස පරීක්ෂා කරද්දී ළිඳ තුළ තිබූ සිසුවියගේ මළ සිරුර හමුවී ඇති බව පොලිසිය පවසයි.

(under the courtesy of hirunews.lk news web)

පුවත්

Recent Post