සමාජ තවත් උවදුරක් ගැන විජයදාස කියයි

views 177 2018-11-09 12:38:00 news

තාක්ෂණ මෙවලම් සංයමකින් තොරව භාවිතා කිරීම සමාජ උවදුරක් බවට පත්ව ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමන් පවසයි.

ඊයේ (08) පස්වරුවේ රාජගිරිය ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ පැවති නව පුස්තකාල ගොඩනැගිල්ල හා දෙමහල් සංඝාවාසය සඟසතු කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යතුමන් මේ බව සඳහන් කළේය.‍

ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ එකසිය පනස් වන සංවත්සරය නිමිත්තෙන් පූජ්‍ය වතුරුවිල සිරි සුජාත හිමිපාණන්ගේ අනුශාසකත්වය පරිදි මෙම ගොඩනැඟිලි සඟසතු කිරීම සිදු කෙරුණි.

අති පූජ්‍ය පිඹුරේ උදිත මහනායක හිමිපාණන් සහ අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහනාහිමියන් ද මෙම අවස්ථාවට වැඩම කර සිටියේය.

මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමන් පෙන්වා දුන්නේ තාක්ෂණ මෙවලම් තුළින් කියවීම මඟින් ලබා ගන්නා බුද්ධිය ලබාගත නොහැකි බවයි.

රට බැබළවිය හැකි තරුණ පරම්පරාව බිහිවන්නේ පාසලින් නොව ආගමික අධ්‍යාපන ආයතන තුළින් බව අමාත්‍යතුමන් මෙහිදී සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post