ගෝඨාට රට යන්න තාවකාලිකව අවසර

views 111 2018-11-09 11:58:00 news

හිටපු ආරක්ෂක ලේකම්වරයාට දෙසැම්බර් 14 වනදා සිට මාසයක කාලයක් සඳහා විදෙස් ගමන් තහනම ලිහිල් කිරීමට අධිකරණය  තීරණය කර තිබේ.

මැදමුලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට ඔහුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකුට එරෙහිව එල්ල වී ඇති එම චෝදනා සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මස 04 වනදා සිට අඛණ්ඩව නඩු විභාගය පැවැත්විමට නියමිතයි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post