ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවට මහින්ද නොයයි..මහින්ද පිලේ කිසිවෙකුත් නොයයි..

views 1508 2018-11-09 11:39:00 news

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී පැවති ශ‍්‍රීලනිප විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව සදහා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා එම පාර්ශවයේ කිසිවෙකු සහභාගී වී නොසිටියහ.

මේ සම්බන්දයෙන් මාධ්‍ය විසින් කල විමසීමේදී ශ‍්‍රීලනිප ප‍්‍රධානීන් කියා සිටියේ ඉදිරියේදී එම පිරිසද එක් වනු ඇති බවයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයේ පිරිස් කියා සිටින්නේ රට ගෙන ගිය විනාශකාරී මාර්ගයෙන් මුදා ගැනීමට ආණ්ඩුවක් සදහා සහාය දුන්නද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමට උවමනාවක් නැති බවයි.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post