පාර්ලිමේන්තව විසිරුවොත් බලහත්කාරයෙන් එහි නවාතැන් ගන්න එජාප මන්ත‍්‍රීන් සැරසේ..රනිල්ගෙන් ඉගෙනගනී

views 1377 2018-11-08 05:30:00 news

ජනාධිපතිවරයා යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එය පිලි නොගෙන පාර්ලිමේන්තුවේ වාඩි ලා ගත යුතු බවට වන යෝජනාවක් මේ වන විට එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී පිරිස් අතරේ සාකච්චා වෙමින් තිබේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් පහකල පසු යන්න බෑ කියමින් අරලිය ගහ මන්දිරය අල්ලාගෙන සිටින ආකාරයෙන්ම පාර්ලිමේන්තුවද අල්ලාගත යුතු බව ඔවුන්ගේ අදහස් වී ඇත.

පාර්ලිමේන්තුවේ මුර ක‍්‍රමයට නවත්වා ගත හැකි එජාප සාමාජිකයන්ද දැන්ම සිට සූදානම් කර ගත යුතු බවත් කතානායක කරු ජයසූරිය මහතාද මේ සදහා එක් කර ගත යුතු බවත් සාකච්චා වෙමින් ඇත.

මෙසේ සාකච්චා වන වැඩි පිරිස හදිසි පාර්ලිමේන්තු විසිරුවීමකදී විශ‍්‍රාම වැටුප අහිමි වන පිරිස වෙති.

පාර්ලිමේන්තුව කුමන ආකාරයකින් හෝ විසරුවා හැර මහජන මතය විමසීමට එක්සත් ජාතික පක්‍ෂය දැඩි විරෝධයක් පල කරන අතර ඔවුන් කැමැත්ත පල කරන එකම ක‍්‍රමය වන්නේ වත්මන් පාර්ලිමේන්තුවම කැදවා බලය පෙන්වීම පමණි.

නමුත් පොහොට්ටු හා සන්ධාන පාර්ශවයන්ගේ අදහස වී ඇත්තේ පෙබරවාරි 10 වැනිදා සිදුවූ ආසන්නතම ජනත මත විමසුමෙන් එක්සත් ජාතික පෂක්‍ය ලබා ගත්තේ 32%ක් වැනි ඡුන්ද ප‍්‍රමාණයක් පමණක් නිසා එය මෙම පාර්ලිමේන්තුවේ නිරුපනය නොවන බවයි.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post