නොවැම්බර් 14 ස්ථීර ලෙසම ඡන්ද විමසීමක් තියෙනවා

views 161 2018-11-08 04:28:00 news

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වසර හතර හමාරක කාලයක් ගතව යාමට මත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අද(08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

ඊයේ(07) දිනයේ දී කථානායකවරයාගේ මුලිකත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පක්ෂ නායක රැසවීමක් පැවැත් වූ අතර, ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා පවසා සිටියේ, නොවැම්බර් මස 14 වන දින ස්ථීර වශයෙන්ම ඡන්දයක් පැවැත් වෙන බවයි.

එසේ වුවද අද වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක් පවතින බවද කියා සිටි මන්ත්‍රීවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිශ්චිත ප්‍රතිපාදන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඇති බව ද පැවසීය.

ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි වුවත් 19 වන සංශෝධනය තුළින් එවැනි බලතළ හිමි වී නොමැති බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post