යුරෝපා යන්න ගිය සරණාගතයෝ 2000ක් මරුට

views 620 2018-11-07 12:53:00 world

යුරෝපීය රටවල් වලට ඇතුළු වීම සඳහා මුහුදු මාර්ග ඔස්සේ ගමන් කළ සරණාගතයින් දෙදහසකට අධික පිරිසක් දියේ ගිලීමෙන් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය පවසයි.

ජිනීවා නුවර ඊයේ(06) පැවති සමුළුවකදී අදහස් දක්වමින් එම ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ පසුගිය සතියේද පුද්ගලයින් 17 දෙනෙකුගේ මළ සිරුරු ස්පාඤ්ඤ මුහුදු ප්‍රදේශයක තිබී සොයාගත් බවයි.  

යුරෝපීය රටවල් සඳහා ගමන් කිරීමට බොහෝමයක් සරණාගතයින් මධ්‍යධරණී මුහුද යොදාගන්නා අතර එම මුහුදු මාර්ගයන් ඉතා අවදානම් බව සඳහන් වෙයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම වසරේදී පමණක් සරණාගතයින් හා දේශපාලන රැකවරණය පතන්නන්  එක්ලක්ෂ පන්දහසක් පමණ යුරෝපීය රටවලට ගොස් ඇති බවයි.
 


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post