එමිරේට්ස් ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය සංස්කෘතිය උඩු ගුවනට රැගෙන යයි

views 197 2018-11-07 09:32:00 business

සම්මානනීය ice විනෝදාස්වාද පද්ධතියෙහි සිංහල චිත‍්‍රපට 04 ක් සහ සිංහල ගීත නාලිකා 13 ක්

අඩි 35,000 ක් ඉහළ ගුවන් ගැබේ වුවත්, තමන්ගේම භාෂාවෙන් චිත‍්‍රපටයක් නැරඹීමට හෝ තමන් වඩාත් ඇලූම් කරන දේශීය ගායන ශිල්පියෙකුගේ ගීතයක් ඇසීමට අවස්ථාව හිමිවෙනවා නම් අපගේ සිතට ඉතාමත් සමීපස්ථ හැඟීමක් එයින් ඇතිවේ. ශ‍්‍රී ලාංකිකයින් ඇතුළු ලොව පුරා සිටින ජාතීන් සිය ගණනකට මෙම ආශ්වාදය ලබාදීම සඳහා ලොව විශාලතම ගුවන් සමාගම වන එමිරේට්ස් විසින් සම්මානනීය විනෝදාස්වාද පද්ධතියක් සඳහා ආයෝජනය කර ඇත.

එමිරේට්ස් ice (තොරතුරු, සන්නිවේදන, විනෝදාස්වාද) නමින් හැඳින්වෙන මෙම විනෝදාස්වාද පද්ධතිය තුළ ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය සංස්කෘතියට තැනක් දෙමින් එමිරේට්ස් විසින් ජනප‍්‍රිය සිංහල චිත‍්‍රපට 04 ක් සහ සිංහල සංගීත නාලිකා 13 ක් මේ වනවිට එයට හඳුන්වා දී ඇත. මේ තුළින් එමිරේට්ස් ගුවන් යානා මගින් සංචාරය කරන ශ‍්‍රී ලාංකික මගීන්ට ඉතාමත් ආකර්ශනීය අත්දැකීමක් එමිරේට්ස් විසින් ලබාදී තිබේ.

එමිරේට්ස් ගුවන් යානාවල ice විනෝදාස්වාද පද්ධතියට එකතු කර තිබෙන දේශීය චිත‍්‍රපට සහ සංගීතය කුමක් දැයි කලින් දැන ගැනීමට අවශ්‍ය මගීන්ට www.emirates.com වෙබ් අඩවියට පිවිසිය හැක. නොවැම්බර් මාසය තුළ නැරඹිය හැකි සිංහල චිත‍්‍රපට අතරට බිම්බා දේවී නොහොත් යසෝදරා, ඩොක්ටර් නවරියන්, පෝරිසාදයා සහ නිලංජනා යන ඓතිහිසික, හාස්‍ය ජනක සහ ආදර කතා වලින් සමන්විත චිත‍්‍රපට ඇතුළත් වේ.

මෙම විනෝදාස්වාද පද්ධතියට ඇතුළත් කර තිබෙන ගීත අතරට පණ්ඩිත් ඩබ්ලිව්. ඞී. අමරදේව මහතා, වික්ටර් රත්නායක මහතා, නන්දා මාලනී මහත්මිය ගායනා කරන සම්භාව්‍ය ගීතවල සිට ක්ලැරන්ස් විජේවර්ධන මහතා, කීර්ති පැස්කුවල් මහතා, ජනනාත් වරකාගොඩ මහතා, ෆ්‍රෙඞී සිල්වා මහතා, සී.ඞී. ෆොන්සේකා මහතා, දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස් මහත්මිය, ශානිකා සුමනසේකර මහත්මිය, ප‍්‍රියානි ජයසිංහ මහත්මිය සහ ශශිකා නිසංසලා මහත්මිය ගායනා කරන ජනප‍්‍රිය ගීත ඇතුළත් වේ.

මීට අමතරව, දෙමළ භාෂාව කතා කරන ගුවන් මගීන් වෙනුවෙන් මෙම විනෝදාස්වාද පද්ධතියට දෙමළ චිත‍්‍රපට 10 ක්, දෙමළ ටී.වී. වැඩසටහන් 02 ක් සහ ඒ.ආර්. රහ්මාන් මහතාගේ ගීතද ඇතුළත් වන සංගීත නාලිකා 02 ක් එක්කර තිබේ.

‘ගමනාන්ත 160 කට වැඩි සංඛ්‍යාවකට පියාසර කරන ගෝලීය ගුවන් සමාගමක් ලෙස දේශීය සහ කළාපීය රසඥතාවය ලබාදීම පහසු කටයුත්තක් නෙවෙයි. නමුත්, එමිරේට්ස් විසින් අඛණ්ඩවම උත්සාහ කරන්නේ තම නිවසේදී තමන්ට ලැබෙන හැඟීමම ගුවන් යානා තුළ තිබෙන මෙම විනෝදාස්වාද පද්ධතිය තුළින්ද මගීන්ට ලබාදීමටයි.’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කළාපීය කළමනාකරු, චන්දන ද සිල්වා මහතා පැවසීය. ‘සිංහල සහ දෙමළ අන්තර්ගතයන් ලබාදීමට එමිරේට්ස් කටයුතු කර තිබෙන බව බොහෝ ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් තවමත් දන්නෙ නෑ. ඔවුන් අතුරින් සමහරෙක් නවතම හොලිවුඞ් චිත‍්‍රපටයක් නැරඹීමට කැමති විය හැකි නමුත් දේශීය චිත‍්‍රපට සහ සංගීතය එක්කර තිබීම මෙරට ගුවන් මගීන්ට ඉතාමත් වැදගත් වෙනවා.’

‘එසේම, මේ තුළින් ශ‍්‍රී ලංකාවට පළමු වරට පැමිණෙන සංචාරකයින්ට මෙරට චිත‍්‍රපට නැරඹීමෙන් සහ සංගීතයට සවන් දීමෙන් ලංකාව පිළිබඳ හැඟීමක්ද ඇතිකර ගත හැකියි.’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමිරේට්ස් සමාගමේ ආරම්භයේ සිට වසරක් ගත වීමට පෙර 1986 වසරේ අපේ‍්‍රල් මාසයේ සිට ශ‍්‍රී ලංකාවට ගුවන් සේවා දියත් කරන ලදී. සමාගමේ පස්වන ගමනාන්තය කොළඹ වූ අතර ගතවූ වසර 33 ක කාලය තුළදී එමිරේට්ස් ජාලය රටවල් 84 ක නගර 162 ක් වෙත වර්ධනය වී තිබීම කැපී පෙනේ. එමිරේට්ස් සෑමවිටම තම ගුවන් මගීන්ට අවශ්‍ය උපරිම සේවාව ලබාදීමට කැපවී සිටින අතර ජාතීන් 135 කින් යුතු ගුවන් යානා කාර්ය මණ්ඩලය, විවිධ ජනතාවට ගැලපෙන ආහාර වර්ග සහ විනෝදාස්වාදය ලබාදීම මේ සඳහා නිදසුන් වේ.

1992 වසරේදී සිය ගුවන් යානාවල සෑම පන්තියක සෑම ආසනයකම රූපවාහිනී තිර සවිකළ  ලෝකයේ පළමු ගුවන් සමාගම ලෙසින් කැපී පෙනෙන එමිරේට්ස් මේ වනවිට සිය ගුවන් මගීන්ට පුළුල් පරාසයක විහිදුණු අති නවීන විනෝදාස්වාද අත්දැකීමක් ලබාදෙයි. මෙම අත්දැකීම ලබාදෙන්නේ මේ වනවිට ගුවන් සේවා කර්මාන්තයේ මගී ආසනවල තිබෙන විශාලතම රූපවාහිනී තිර යොදාගෙන වන අතර එමිරේට්ස් පළමු පන්තියේ මගීන් වෙනුවෙන් අඟල් 32 ක රූපවාහිනී තිර, ව්‍යාපාරික පන්තියේ මගීන් වෙනුවෙන් අඟල් 23 ක රූපවාහිනී තිර සහ ඉකොනොමි පන්තියේ මගීන් වෙනුවෙන් අඟල් 13.3 ක රූපවාහිනී තිර සවිකර ඇත.

එසේම, ලෝකයේ ගුවන් සමාගමක් විසින් සිය ගුවන් මගීන් වෙනුවෙන් ඉදිරිපත් කරන චිත‍්‍රපටි ප‍්‍රමාණය පළමු වරට 1000 ක් දක්වා වැඩි කරමින් එමිරේට්ස් පසුගියදා තවත් සංස්ධිස්ථානයක් පසුකළේය. එමිරේට්ස් විනෝදාස්වාද පද්ධතිය මගින් ළමා නාලිකා 100 කට වැඩි ප‍්‍රමාණයක්ද ඇතුළත් වන විනෝදාස්වාද නාලිකා 3500 කට වැඩි ප‍්‍රමාණයක් ඉදිරිපත් කරයි. මෙම චිත‍්‍රපට අතරට හොලිවුඞ් චිත‍්‍රපට 500 ක් සහ ගෝලීය චිත‍්‍රපට 600 ක් එක්කර තිබෙන්නේ විවිධ සංස්කෘතීන්ට අයත් ගුවන් මගීන්ගේ රසාස්වාදය නැංවීම සඳහායි. එමිරේට්ස් විසින් ලෝකයේ සෑම ප‍්‍රමුඛතම සිනමා වෙළඳපොළවල් වලින් චිත‍්‍රපට මිලදීගන්නා අතර භාෂා 46 කින් චිත‍්‍රපට මේ වනවිට සිය ගුවන් මගීන්ට ඉදිරිපත් කර තිබේ.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post