දැවැන්තයෙක් ලොකු වැඩකට අත ගහයි

views 116 2018-11-06 09:01:00 business

චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (05)පෙරවරුවේ චීනයේ ශංහැයි නගරයේ දී ආරම්භ වී තිබේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහි සමාරම්භක උත්සවයට එක්වෙමින් “නිර්මාණශීලිත්ව හා ඉවසිලිභාවයෙන් යුතු විවෘත ලෝක ආර්ථිකයක් පොදුවේ බිහිකිරීම“මැයෙන් දේශනයක් සිදුකළේය.

මෙය චීනයේ පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ද මෙය වෙයි.

චීන ජනාධිපතිවරයා චීන රජය හා ජනතාව වෙනුවෙනුත් පෞද්ගලික වශයෙනුත් මෙම ප්‍රදර්ශනයට එක්වන රටවල්, ප්‍රදේශ හා ජාත්‍යන්තර සංවිධාන 172ක් සහ 3600කට වැඩි ව්‍යවසායකයන් උණුසුම් ලෙස පිළිගන්නා බව ද එහි දී ප්‍රකාශ කළේය.

චීන සංවර්ධනයන්හි පවතින අවස්ථාවන් ග්‍රහනය කරගෙන ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ සහයෝගිතා පුළුල් කරමින් පොදු සමෘද්ධිය ඉටු කරගත හැකි බවට හෙතෙම විශ්වාසය පළ කළේය.

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ආනයනය තේමා කරගත් ලෝකයේ ප්‍රථම ජාතික මට්ටමේ ප්‍රදර්ශනය වන අතර එය ජාත්‍යන්තරය වෙළඳ සංවර්ධන ඉතිහාසයේ දැවැන්ත නිර්මාණයක් වෙයි.

එය චීනය විදේශයන්ට විවෘත වීම පුළුල් කිරීම සඳහා අලුතින් ක්‍රියාත්මක කරන දැවැන්ත තීන්දුවක් වන බවත් චීන වෙළඳපොළ ලෝකයට විවෘත වන වැදගත් පියවරක් බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පෙරට වඩා වැඩි ධෛර්යයෙන් විවෘත සහයෝගිතා සක්‍රීය ලෙස ප්‍රවර්ධනය කරමින් පොදු වර්ධනය සාක්ෂාත් කරන ලෙස චීන ජනාධිපතිවරයා ඉල්ලීමක් ද කළේය.

වත්මන් ලෝක ආර්ථිකය ගැඹුරු ලෙස සකස් වෙමින් පවතින බවත්, ආරක්ෂණවාදය හා ඒකපාර්ශවවාදය මතු වී තිබෙන බව ද පැවසු ජනාධිපතිවරයා ආර්ථික ගෝලීයකරණය, බහුපාර්ශවවාදය හා නිදහස්වෙළඳ පටිපාටිය බාධාවන්ට ලක්ව ඇති බවත් සඳහන් කළේය.

එබැවින් වත්මන් තත්ත්වය ගැන පැහැදිලිව අවබෝධ කරගෙන අදාළ මූලධර්ම ග්‍රහණය කරමින් විවෘත සහයෝගිතා පිළිබඳ අධිෂ්ඨානය තරයේම නියැලී සිටිමින් අවදානම් හා අභියෝගයන්ට පොදුවේ මුහුණ දියු යුතු බව ද ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

විවිධ රටවල් සමඟ සහයෝගිතාවය වර්ධනයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යෝජනා තුනක් ද ඉදිරිපත් ක‍ළේය.

විවිධ රටවල මුල්‍ය ගනුදෙනු විවෘත කිරීමට ස්ථීර ලෙස ක්‍රියාකරමින් ‍අනෝන්‍ය සහයෝගීතා අවස්ථා පුළුල් කිරීම පළමු යෝජනාව වෙයි.

නිර්මාණශීලීත්වය ප්‍රමුඛව පැරණි බලතල හා නව බලතල පරිවර්තනය කඩිනම් කිරීම දෙවැනි යෝජනාවයි.

වෙනස්කම් පිළිගෙන පොදු ප්‍රයෝජන වෙනුවෙන් ස්ථීර ලෙස පොදුවේ ක්‍රියාකර ඉදිරියට යෑම තුන් වැනි යෝජනාවයි.

ආනයන හැකියාව වැඩිවීම, විදේශ භාණ්ඩ හා සේවා චීන වෙළඳ පොලට පිවිසීමේ ප්‍රමිති ලිහිල්කිරීම, ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම, නව ක්ෂේත්‍ර විවෘතකිරීම, බහු පාර්ශවික හා ද්වීපාර්ශවික සහයෝගිතා තහවුරු කිරීම යන පියවර යොදා ගනිමින් චීනයේ විවෘතභාවය වඩාත් ශක්තිමත් කරන බව ද හෙතෙම කියා සිටියේය.

ගෝලීය පොදු විවෘතභාවය දිරිගන්වමින් ලෝක ආර්ථිකයේ ස්ථාවර වර්ධනයට එන්ජිමක් වශයෙන් චීනය අනෝන්‍ය යහපත් හා පොදු ජයග්‍රහණ සහිත විවෘත උපාය මාර්ගය තරයේම අනුගමනය කරමින් සිටින බවයි.

කුඩා වැවක් නොවන චීන ආර්ථිකය විශ්ව සාගරයක් බැවින් කුණාටු හෝ දැඩි සුළං හෝ හේතුවෙන් සාගරයක් විනාශ වීමේ ඉඩකඩ නොමැති බවද හෙතෙම පැවසීය.

චීන ප්‍රථම ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සහභාගි වීම සඳහා ශංහායි නගරයට පැමිණි රාජ්‍ය නායකයින් ඇතුළු ආරාධිතයින් වෙනුවෙන් චීන ජනපති ෂී ජින් පිං මහතා (04)රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වීය.   

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ප්‍රදර්ශනයට ව්‍යාපාරිකයින් 50 දෙනෙකු පමණ සහභාගී වී සිටිති.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post