පළමු 20-20 ජය පාකිස්ථානයට

views 93 2018-11-01 11:59:00 sport

පාකිස්ථාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු 20යි 20 තරඟය ලකුණු 02 කින් ජය ගැනිමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත් විය.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 148ක් ලබා ගත්තේය.

පාකිස්ථාන ඉනිම වෙනුවෙන් මොහොමඩ් හෆීස් ලකුණු 45ක් සහ සෆ්රාස් අහමඩ් ලකුණු 34ක් ලබා ගැනිමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවි ලබාගත හැකි වූයේ ලකුණු 146ක් පමණි.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් කොලින් මුන්රෝ ලකුණු 58ක් ලබාගත් අතර රෝස් ටේලර් නොදැවී ලකුණු 42ක් ලබා ගත්තේය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post