දේශපාලන පලිගැනීමට ලක්වූවන්ට 2019දී වාසියක්

views 541 2018-08-15 01:48:00 news

දේශපාලන පලිගැනීම් හේතුවෙන් ජීවිත හානි හා වෙනත් ශාරීරික පීඩාවන්ට ලක්වූ තැනැත්තන්ට සහ හානියට පත් දේපළ වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරළ සහ ඞී එම් ස්වාමිනාදන් යන අමාත්‍යවරුන් විසින්.

වන්දි කමිටුවක නිර්දේශ පරිදි වන්දි ගෙවීම පිණිස අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සඳහා සහ එම වන්දි 2019 වර්ෂය තුළදී ගෙවීම් කර නිරවුල් කිරීම සඳහා මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. 

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post