අත්අඩංගුවටගත් මන්ත්‍රී ඇපමත මුදා හරී

views 569 2018-08-11 11:30:00 news

මුලතිව් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍ර ටී. රවිහරන් ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.

ඉකුත් 2 වනදා මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයකදී එම කාර්යාලයේ දේපලවලට හානි කිරීමේ චෝදනාව මත මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැනුණේ ඊයේ පස්වරුවේයි.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post