"වෙනම ඒකකයක් නැගෙනහිරට ඉල්ලයි !"

views 636 2018-08-11 09:26:00 news

නැගෙනහිර පළාත තුළ මුස්ලිම් ජනතාවටම අනන්‍ය වූ වෙනම ඒකකයක් ලබා දිය යුතු බවට වූ යෝජනාව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ 28 වැනි නියෝජිත සමුළුවේදී යළි සම්මත කරගෙන ඇත.

අගෝස්තු 06 වන දින ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මූලස්ථානය වන දරුසලාම් හි පැවැති නියෝජිත සමුළුවේදී එම යෝජනාව ඇතුළු තවත් යෝජනා 08 ක් සම්මත කරගෙන තිබේ.

යෝජිත නව මැතිවරණ ක්‍රමයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම කල් ඉකුත් වූ පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන ලෙස රජයට බල කිරීම, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සිදුවූ ප්‍රායෝගික ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කිරීම, සුළු ජාතීන්ට එරෙහිව ත්‍රස්තවාදීන් පතුරුවන ව්‍යාජ ප්‍රචාරයන් සහ ප්‍රචන්ඩ ක්‍රියා වැළැක්වීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම, ප්‍රචන්ඩ ක්‍රියාවලින් හානියට පත් වූ අළුත්ගම, අම්පාර සහ මහනුවර ප්‍රදේශවල ජනතාවට ඉතා ඉක්මනින් සාධාරණ ලෙස වන්දි ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටීම සහ යෝජිත නව ව්‍යාවස්ථාව තුළ මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වන කාරණා ඇත්නම් එයට විරෝධය දැක්වීම යන යෝජනා එහිදී සම්මත වී ඇත.


(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post