අද කාලගුණ අනාවැකිය මෙන්න

views 632 2018-08-10 10:08:00 news

රටවටා ඇතැම් මුහුදු ප‍්‍රදේශ අද වරින්වර රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම කදුකරය සහ දකුණු පළාතේ ද වරින්වර තද සුළං ඇති විය හැකි බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

"සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව සහ මධ්‍යම පළාත්වව ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසිද ඇති විය හැක. වයඹ පළාතේ සිහින් වැසි ඇතිවිය හැක. ඌව පළාත අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ ළසු වැසි හහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, දකුණු පළාතත් සහ මාතලේ දිස්ත්‍රික්කතේත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්ලා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැක."

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post