මැතිව්ස් නායකයා වුණා. දික්වැල්ල Open ආවා. ඊයේ ලංකාව සුපුරුදු රිද්මයට ආවා? – Video

views 560 2018-07-30 11:08:00 sport

අප්‍රිකානුවන් සමඟ එක්දින තරඟාවලිය ඊයේ ආරම්භ වුණා. ඒ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ටෙස්ට් තරඟාවලි පරාජයේ පළිය පළවෙනි එක්දින තරඟයෙන්ම ලබා ගන්න දකුණු අප්‍රිකානුවන් සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත්ත ශ්‍රී ලංකා නායකයා මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. හැබැයි ඔහුගේ තීරණයට සාධාරණයක් කරන්න ලංකාවේ මුල්පෙළ පිතිකරුවන්ට බැරිවුණා. ලංකාවේ පළවෙනි කඩුලු 5 ලකුණු 36 කට බිඳ වැටුණා. තරංග ලකුණු 10 යි. නායක මැතිව්ස් ලකුණු 5 කට දැවී ගියා.

හේදිලා යමින් තිබ්බ ලංකාවේ සායම රැකගන්න කුසල් ජනිත් සහ තිසර පෙරේරා සමත් වුණා. ඔවුන් 6 වෙනි කඩුල්ලට ලකුණු 92 ක් රැස් කරා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ තිසර ලකුණු 49 යි. ඒ 4 පහර 8 ක් සමඟින්. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල කුසල් ජනිත් ලකුණු 81 යි. ඔහුගේ ඉනිම 4 පහර 11 කින් සහ 6 පහරකින් වර්ණවත් වුණා.

රාබඩා සහ ෂම්සි පිතිකරුවන් දඩයම් කරන්න සමත් වුණා. ඔවුන් දෙදෙනා කඩුලු 4 බැගින් දවා ගත්තා. පන්දුවාර 34 යි පන්දු 3 කදී ලංකාවේ ඉනිම අවසන් වුණා. ලංකාවට ලකුණු 193 ක් විතරයි ලබා ගන්න පුළුවන් වුණේ.

පහසු ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 31 කදී ඉලක්කය සපුරා ගත්තා. ඒ කඩුලු 5 ක් විතරක් දැවී. ඩි කොක් සහ නායක ප්ලේසී ලකුණු 47 බැගින් ලබා ගත්තා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඩුමිනි නොදැවී ලකුණු 53 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 6 ක් සහ 6 පහර 2 ක් ඇතුලත් වුණා. තරඟයේ වීරයා ෂම්සි.

(under the courtesy of siyathafm.lk news web)

පුවත්

Recent Post