ඩුබායි රජ කුමරිය පැහැර ගත්තේ ඩුබායි බලධාරීන්ද?

views 593 2018-07-25 11:41:00 world

ඩුබායිහි කැරලිකාර රජ කුමරිය ලෙස හඳුන්වන ෂෙයිකා ලතීෆා අතුරුදන් වී මාස 4 1/2 ක්‌ ගතවී ඇතත් ඇය සිටින ස්‌ථානය මෙතෙක්‌ හෙළිවී නැත.

එමීර් රාජ්‍යයේ සිට ප්‍රංශ බුද්ධි සේවා නිලධාරියකුගේ සහායෙන් පළායැමට දැරූ උත්සාහයේ දී ඇය එමීර් රාජ්‍යයේ බලධාරීන්ට අසුවිය.

ෂෙයිකා ලතීෆා සම්බන්ධ වීඩියෝ පටයක්‌ දැන් ප්‍රකාශයට පත්වී ඇති අතර ඉන් ඇය පවසා ඇත්තේ මේ වීඩියෝ පටය හමුවන අවස්‌ථාව වනවිට තමා ජීවතුන් අතර නැති බවයි.

ඩුබායි පාලක මොහොමඩ් බින් රෂිද්ගේ දරුවන් 30 කගෙන් එක්‌ දැරියක්‌ වූ ලතීෆා ඩුබායි මුහුදේ නතර කර තිබූ සුපිරි රුවල් නැවකින් පැන යැමට උත්සාහ දරා ඇත.

32 හැවිරිදි වියේ පසුවූ ලතීෆා වරක්‌ පැවසුවේ ඩුබායි පාලකයන් තමාට වධහිංසා කළ බවය. මේ අතර ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පැවසුවේ ලතීෆා රඳවා සිටින ස්‌ථානය හෙළි කිරීමට ඩුබායි බලධාරීන් ක්‍රියා නොකරන බවය.

(under the courtesy of hirunews.lk news web)

පුවත්

Recent Post