වැලි කියුබ් එකක් පන් දහසකින් අඩුවෙයි - කළු ගල් ඇතුළු තවත් ද්‍රව්‍ය රැසක මිල අඩුවන ලකුණු

views 556 2018-07-12 04:32:00 news

වැලි මිල අධික ලෙස ඉහළ ගොස්බැවින් අඩු මිලට වැලි ලබාදීම සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දැනට වෙළෙඳ පොලෙහි රුපියල් 18,000ක් පමණ වන වැලි කියුබ් එකක් රුපියල් 5000 ක් අඩුවෙන් ලබාදීමට පියවර ගන්නා බවයි පැවසෙන්නේ.

මෙය අගෝස්තු මස මුලදී ආරම්භ කෙරෙන අතර වැරැල්ලවත්ත කාර්යාංශ පරිශ්‍රයෙන් මිලදී ගතහැකි වන බවත් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ ගම්පහ, වැරැල්ලවත්ත කාර්යාලයේදී පරිසර නියෝජ්‍ය  අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතාගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවති අතර ඉන්පසු සහ වැලි තොග ගබඩා කිරීමේ ස්ථානය නිරීක්ෂණය කරන ලදී.

මෙම අවස්ථාවේදී එම කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසා සිටියේ නිවාස ඉදිකරන්නන් සඳහා සහන මිලකට වැලි ලබා දෙන අයුරින් කළුගල් ඇතුළු ඉදිකිරීම් ද්‍රව්‍ය  ලබාදීමේ වැඩපිළිවෙළක්ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල්කාර්යාංශය මඟින් ඇති කිරීමට සැලසුම් කොට ඇති බවය

(under the courtesy of nethgossip.lk news web)

පුවත්

Recent Post