හුස්මගන්න, කතාකරන්න බැරි තරුණයෙකු සුවපත් කරමින් ලංකාවේ පළමු වතාවට කල විශ්මිත සැත්කම

views 545 2018-07-12 03:04:00 news

කොළඹ ජාතික රෝහලේ උගුර කණ නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිස්නි සතාෆ් විසින්  ශ්‍රී ලංකාවේදී පළමු වතාවට ස්වර තන්තු ආශ්‍රිත විශ්මිත සැත්කමක් සිදුකර තිබෙනවා.ස්වර තන්තු ආශ්‍රිතව ඇතිවන අසාමාන්‍ය රුධිර නාල වර්ධනයක් (හෙමොන්ජිමා) රෝගී තත්වය නිසා කතා කිරීමට සහ හුස්ම ගැනීමට නොහැකිව සිට  කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු මෙම සැත්කමට භාජනය කර තිබෙනවා.

අදාළ තරුණයාට හුස්ම ගැනීමට නොහැකිවීම නිසා ගෙළ ප්‍රදේශයට බටයක් දමා හුස්ම ගැනීමේ අවකාශය සලස්වා දී තිබූ අතර ඔහු වසර හතක පමණ කාලයක් රෝගාතුරව සිට තිබෙනවා.

කොබිලේෂන් නමැති තාක්ෂණය යොදාගනිමින්  ශ්‍රී ලංකාවේදී සිදුකරන ලද පළමු හෙමොන්ජිමා සැතකමද මෙය බවයි සඳහන් වන්නේ. එසේම වෛද්‍ය රිස්නි සතාෆ් විසින් මීට පෙරද ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව 3D සැත්කමක් සාර්ථකව සිදුකර තිබෙනවා.

(under the courtesy of nethgossip.lk news web)

පුවත්

Recent Post