වැල්ලවායේ රිය අනතුරක් – පුද්ගලයන් තිදෙනෙකුට තුවාල

views 168 2018-07-11 04:23:00 news

අද (11) පස්වරුවේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ මහවෙළමුල්ල ප්‍රදේශයේ දී  සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ති‌බේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ තිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු වන අතර ඔවුන් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය පවසයි.

වැල්ලවායේ සිට තණමල්විල දෙසට ධාවනය වූ තිරෝද රථයක් තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ කැබ් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු වී තිබේ.

අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එයින් බරපතළ තත්ත්වයෙ සිටි දෙදෙනකු මොණරාගල මහ රෝහලට මාරු කර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post