සිසුවියගේ පාසල් ඇඳුම් ගලවා වෙන ඇඳුමක් අන්දවද්දී පොලීසියේ අතටම මාට්ටු වුන හැටි

views 613 2018-07-11 12:18:00 news

අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවියක් මෝටර් රථයක නංවාගෙන උද්‍යානයකට රැගෙන ගොස් ඇයගේ පාසල් නිල ඇඳුම් ගලවා වෙනත් ඇඳුම් අන්දවමින් සිටියදී තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලීසියේ රථ වාහන අංශය සමත් වී තිබෙනවා.

තඹුත්තේගම සිට අනුරාධපුරයේ පාසලකට පැමිණෙන අදාල සිසුවිය පසුගිය 09 වනදා බස් රථයෙන් බස්සවාගෙන සුඛෝපභෝගී මෝටර් රථයකින් අනුරාධපුර නගරයේ පිහිටි උද්‍යානයකට රැගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව පොලීසියට ලැබුණු තොරතුරක් මත අනුරාධපුර මූලස්ථාන පොලීසියේ රථ වාහන අංශයේ නිළධාරීන් විසින් අදාළ මොටර් රථය පසුපස ලුහුබැඳ ගොස් තිබෙනවා.

සැකකාර තරුණයා විසින් බාලවයස්කාර සිසුවිය උද්‍යානයට රැගෙන ගොස් ඇයගේ පාසල් ඇඳුම් ගලවා වෙනත් ඇඳුමක් අන්දවමින් සිටියදීම උප පොලිස් පරීක්ෂකවරයා එම ස්ථානයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පසුව උප පොලිස් පරීක්ෂකවරයා විසින් දෙදෙනාම පොලිස් භාරයට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලීසියට රැගෙනවිත් සිසුවියගේ දෙමාපියන්ටත්,සිසුවිය අධ්‍යාපනය ලබන පාසලේ විදුහල්පතිවරයාටත් මේ පිළිබඳව දැනුම් දී තිබුණා.

පාසල් නිල ඇඳුම වෙනුවට වෙනත් ඇඳුමක් අන්දවා පෙම්සුව විඳීම සඳහා වෙනත් ස්ථානයකට රැගෙන යාමට අදාළ තරුණයා උත්සාහ කර ඇති බවට පොලීසිය සැකපළ කරන අතර පොලිසිය විසින් දෙපාර්ශවයේම දෙමාපියන් කැඳවා තරයේම අවවාද කර මුදාහැර තිබෙනවා.

(under the courtesy of nethgossip.lk news web)

පුවත්

Recent Post