සුළඟින් කොළඹ නිවාස 150කට අධික සංඛ්‍යාවක් හානියට පත්වෙයි

views 602 2018-07-11 11:58:00 news

කොළඹ දිස්ත්‍රික්කයේ පප්‍රදේශ කිහිපයකට අද (11) උදෑසන බලපෑ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 150කට අධික ප්‍රමාණයකට හානි සිදු ව තිබේ.

පිළියන්දල, හෝමාගම, මොරටුව, දෙහිවල, ගල්කිස්ස යන ප්‍රදේශවලින් මෙම හානි වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යයස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කරයි.

මේ අතර, පිළියන්දල – ඇරැව්වල පසන් මාවත ප්‍රදේශය හරහා අද උදෑසන හමා ගිය සුළඟකින් නිවාස 10 කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

(under the courtesy of hitnews.lk news web)

පුවත්

Recent Post