"මේ විත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තියනවා...ඒකාන්තයි" - ලොව අසීරු ගලවා ගැනීමේ මෙහෙයුම හොලිවුඩ් චිත්‍රපටයකට!

views 397 2018-07-11 11:35:00 news

තායිලන්තයේ Tham Luang උමගේ සිරවී සිට බේරා ගනු ලැබූ ළමා පාපන්දු කණ්ඩායම සහ ඔවුන්ගේ පුහුණුකරු සම්බන්ධයෙන් හොලිවුඩ් චිත්‍රපටයක් තැනීම සදහා අමෙරිකානු චිත්‍රපට කණ්ඩායමක් සුදානම් වනවා.

Pure Flix නම් ඇමෙරිකානු චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ සම හිමිකරු Michael Scott සහ නිෂ්පාදක Adam Smith ඊයේ (10) දිනයේදී ළමුන් සිරවී සිටි Tham Luang ගල් ගුහාවට පැමිණියා. මෙහිදී ඔවුන් අවසන් අදියරේ ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකරන අයුරු නිරීක්ෂණය කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Pure Flixආයතනයේ සම හිමිකරු සදහන් කරන්නේ මෙන සිදුවීම චිත්‍රපටයක් ලෙසට තිරගත කිරීම අතිශය වැදගත් බවයි.

"ඔවුන් මුහුණ දුන්නු සිදුවීම් ඒ වගේම ඔවුන් ඒ ගුහාව තුල සිරවී සිටියදී දැණුනු අත්දැකීම් මේ සියල්ලම ඔවුන් සමගම සාකච්ජා කරලා අපි දැනගන්න ඕනේ. මේ විත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තියනවා...ඒකාන්තයි" යනුවෙන් ඔහු AAP පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ජාවේදී කියා සිටියා.

"අනෙක් චිත්‍රපට සමාගම් මෙතනට එන්න කලින් අපි ආවේ මේකේ තියන වැදගත්කම දන්නා නිසා. ළමුන් සහ ඔවුන්ගේ පුහුණුකරු රෝහලින් පිටවුනු ගමන් අපි ඔවුන් සමග කතා කරලා මේ කතාවේ අයිතිය ලබා ගන්න සාකච්ජා කරනවා. ඒ වගේම ඒ ළමුන්ගේ පවුල්වල අය, ගලවා ගැනීමේ මෙහෙයුමේ යෙදුනු අය මේ සියලුම දෙනා අපේ කතාවේ ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා 2019 වසර වන විට මෙහි වැඩ ආරම්භ කරන්න" Pure Flixආයතනයේ සම හිමිකරු Michael Scott කියා සිටියා.

(under the courtesy of nethgossip.lk news web)

පුවත්

Recent Post