කෝටියක රත්තරන් සඟවා ආ තැන සොයා ගනී (PHOTOS)

views 675 2018-07-11 10:52:00 news

රුපියල් එක් කෝටි අනූලක්ෂ අසූ දෙදහස් හයසිය තිහක් වටිනා රත්තරන් තොගයක් උපකණයක් (Hydraulic Vehicle Jack) තුළ සඟවා ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (11) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවා.

මොහු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අද දින අලුයම ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී, ඔහුගේ ගමන් මල්ලේ තිබූ මෙම උපකරණය තුළ සඟවා ගෙන තිබූ රත්තරන් තොගය රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

එහි කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 13 ක් බර රත්තරන් කුට්ටි සහ ස්වර්ණාභරණ තොගයක් සගවා තිබුණා.

රේගු අධිකාරී විපුල ප්‍රනාන්දු විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර, ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවාගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්. ජාබීර්ගේ අධීක්ෂණය යටතේ රේගු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post