ඉරිදා උදේ සහ පොහොය දිනවල උපකාරක පංති තහනම්

views 597 2018-07-11 10:27:00 news

ඉරිදා දිනවල පෙරවරුවේ හා පෝය දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කිරිමට පියවර ගන්නා බව අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා ප‍්‍රකාශ කළා. විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඊට සියලු ආගම්වල නියෝජිතයන් ඇතුළු කණ්ඩායම් සහභාගී වී තිබෙනවා.

විහාර දේවාලගම් පනත සංශෝධනයට හා භික්ෂු කථිකාවත් පනත සඳහා ද නායක ස්වාමීන් වහන්සේගේ අනුමැතිය හිමි වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පනත් කෙටුම් පත ලඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමයි සැළැස්ම. නොදියුණු ප‍්‍රදේශවල පිහිටි අඩු පහසුකම් විහාරස්ථාන සංවර්ධනය කිරිමටත් කටයුතු යොදා තිබෙනවා.


Courtesy :itnnews.lk

පුවත්

Recent Post