ලොව බිහිසුණුම නගරයේ දිවි ගෙවන මිනිස්‌සු

views 629 2018-07-10 11:09:00 world

“කුකුළු පැටියෙකුට පවා මිනිස්‌සු මිනී මරණ නගරයක්‌ මේක.. ඉස්‌සර අපි සංවිධානය කළේ ස්‌වභාවිකව මිය ගිය මිනිස්‌සුන්ගේ අවමඟුල් උත්සව. ඒත් දැන් මිනිස්‌සු ස්‌වභාවිකව මැරෙන්න කලින් කාගෙ හරි වෙඩි උණ්‌ඩයකින් මැරෙනවා. සාතන් පදිංචි වෙලා ඉන්නේ මේ සැන් පෙඩ්‍රාසුලාවලම තමයි…” යන්න මෙම නගරයේ දිවි ගෙවන මිනිසුන්ගේ මතයයි.

“සැන් පෙඩ්‍රාසුලා” ලෝකයේ කවර රටකටත් වඩා මිනී මැරීම්වලින් ඉදිරියෙන්ම  සිටින නගරයි. සෑම පැය එකයි කාලකට වතාවක්‌ම මේ නගරයේ මිනී මැරුමක්‌ සිදුවනවා. ඒ මරණවලින් 97% ක්‌ ම නොවිසඳුනු අබිරහස්‌ වන බවටයි වාර්තා වන්නේ.

Mexican think tank Citizen Council for Public Security “Justice and Peace” මගින් කළ සමීක්‌ෂණයකට අනුව ලොව වැඩිම මිනීමැරුම් අනුපාතය ඇති නගරය හොන්ඩුරාස්‌ හි සැන් සැන් පෙඩ්‍රාසුලා ය. පසුගිය වසරේ එහි මිනීමැරුම් අනුපාතය වැසියන් 100,000 කට 170කි. ඇමරිකාවේ බිහිසුණුම නගරය යැයි සැලකෙන නිව් ඕර්ලීන්ස්‌ හි මේ අනුපාතය වැසියන් 100,000 කට 56.13 කි.

සැන් පෙඩ්‍රාසුලා නගරයේ අවමංගල්‍ය සේවා ආයතන දිවා රෑ වැඩය. එම නගරය තුළ මරණ එතරම් සුලබ ය. දවසේ පැය විසිහතරෙන් කොයි මොහොතක හෝ අලුත් මළ සිරුරක්‌ වරදින්නේ ම නැත.

විරැකියාවත් දුප්පත්කමත් නගරයේ ප්‍රචණ්‌ඩ කල්ලිවලට වැඩෙන්නට ඉඩ හැර ඇතැයි කිවහොත් නිවැරදි යි. මෙම නගරය පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැකියා විරහිත අඩු වයස්‌ තරුණයන් යොදවාගෙන මත් ජාවාරම් කල්ලි පවත්වාගෙන යයි. ඇමරිකාවට එන කොකේන් මත්ද්‍රව්‍යවලින් 80%ක්‌ ම පැමිණෙන්නේ හොන්ඩුරාස්‌ හා මෙක්‌සිකෝව හරහා බව ඇමරිකානු රාජ්‍ය වාර්තා පවසනවා.

“මේ ප්‍රචණ්‌ඩත්වය මඬින්න රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන මැදිහත් වීමක්‌ නෑ. හමුදාවත් පොලිසියත් නිශ්ඵලයි.. මිනිසුන්ට පිහිටක්‌ නැති වුණාම මිනිස්‌සු හිතන්නේ අපිට එල්ලවෙන ආයුධයට වැඩිය ලොකු ආයුධයක්‌ අපි හොයාගන්න ඕන කියලා. ඒ නිසා ප්‍රචණ්‌ඩත්වයෙන් තව දුරටත් ප්‍රචණ්‌ඩත්වය වැඩි වීමක්‌ ම විතරයි වෙන්නේ…” මේ එම නගරයේ ජීවත්වන මිනිසුන්  දරණ මතයයි.

මේ මත්ද්‍රව්‍ය ජාවාරම් රට ඇතුළත බලය පවත්වාගෙන යාමේ අයිතිය වෙනුවෙන් මත්ද්‍රව්‍ය මාෆියා කල්ලි එකිනෙකා ගැටෙන අතර, මාෆියා කල්ලිවල ප්‍රචණ්‌ඩත්වය නිසා සාමාන්‍ය වැසියන්ගේ ජීවිත පවා අවිනිශ්චිත තත්ත්වයකට වැටී තිබෙනවා.

හොන්ඩුරාස්‌ ජනපතිවරු බලයට එන විට මේ ප්‍රචණ්‌ඩත්වය පාලනය කරන්නට හමුදාව යොදවන බවත්, වීදියක්‌ වීදියක්‌ පාසා හමුදා භටයන් රඳවන බවටත් පොරොන්දු වී තිබෙනවා. නමුත් තවමත් මේ නගරය ප්‍රචණ්‌ඩත්වයේ ගොදුරු බවට පත්වෙමින් පවතී. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රචණ්‌ඩත්වයට අමතරව නගරය පුරා බලය පවත්වාගෙන යන මැර කල්ලිවලින් ද අඩුවක්‌ නැත. සාමාන්‍ය වැසියන්ගෙන් කප්පම් ගැනීම, බියවැද්දීම, කොල්ලකෑම මේ නගරයට සාමාන්‍ය සිදුවීම් ය. මැර කල්ලිවලට කප්පම් නොගෙවීම කරන ඕනෑම එය පුද්ගලයකුට මරණ හිමිවන තරම් වූ වරදකි.

මේ භීෂණකාරී පරිසරයෙනු ත් දුප්පත්කමිනු ත් මිදී යන්නට මේ නගරයේ මෙන්ම හොන්ඩුරාස්‌ රාජ්‍යයේ වැසියන් ද බහුතරයක්‌ කරන්නේ මෙක්‌සිකානු දේශ සීමාව හරහා සංක්‍රමණිකයන් ලෙස ඇමරිකාවට පලා යැමය. මධ්‍යම ඇමරිකාවේ උතුරු ත්‍රිකෝණය නම් වූ හොන්ඩුරාස්‌, ග්වාතමාලා, හා එක් සැල්වදෝර් යන ත්‍රිත්වයෙන් මෙසේ ඇමරිකාවට සංක්‍රමණය වන පිරිස අති විශාලය. එයිනුත් වඩා හොඳ ජීවිතයක්‌ සොයමින් ඇමරිකාවට පලා යන්නන් වැඩි ප්‍රමාණයක්‌ හොන්ඩුරාස්‌ වැසියන්ය. සැන් පෙඩ්‍රාසුලා නගරයෙන් ඇමරිකාවට පිටත් කෙරෙන කුඩා දරුවන් සංඛ්‍යාව ද අනෙක්‌ කිසිදු නගරයකින් ඇමරිකාවට යැවෙන දරුවන් සංඛ්‍යාවට වඩා ඉහළ බව සමීක්‌ෂණවලින් වාර්තා වෙනවා.

හිටපු ඇමරිකානු ජනපතිවරුන් වෙතින් මේ සංක්‍රමණිකයන්ට සහනයක්‌ නොලැබුණත් වර්තමාන ඇමරිකානු ජනපති බලයට පැමිණීමෙන් අනතුරුව මේ සංක්‍රමණිකයන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ නැතැයි යන්න ඔවුන්ගේ මතයයි. එහෙත් තවමත් මේ මිනිසුන් මරණයෙනුත් භීෂණයෙනුත් දුගී බවෙනුත් ගැලවී වඩා යහපත් ජීවිතයක්‌ සොයා ගනු පිණිස උපන් බිම හැර දමා නාඳුනන දේශයක පිහිට පතා පලා යාම නම් තවමත් නවතා නැත.


Courtesy :itnnews.lk/

පුවත්

Recent Post