අධික වර්ෂාව නිසා දුම්රිය වාර රැසක් අවලංගුයි

views 115 2018-06-26 01:47:00 world

දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නගරය ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් එදිනෙදා කටයුතුවලට දැඩි බාධාකාරී තත්ත්වයක් මතු වී ඇත.

මෝසම් සමය ආරම්භ වීමත් සමඟ  මුම්බායි නගරයට මෙම අයහපත් කාළගුණ තත්ත්වය බලපා ඇත.

මේ හේතුවෙන් මුම්බායි නගරයේ ස්ථාන රැසක්ම ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

පවතින තත්ත්වය හේතුවෙන් මහාමාර්ග රැසක් අවහිරවී ඇති අතර දුම්රිය ගමන් වාර රැසක්ද අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම කඩා වැටුණු බිත්තිවලට යටවී මෝටර් රථ කිහිපයකට හානි සිදුව ඇති අතර  මුම්බායි වැසියන් දැඩි අපහසුතාවන්ට මුහුණ පා සිටින බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post