කිරිවෙහෙර විහාරාධිපති හිමි ප්‍රතිකාර ලබන රෝහලෙන් ඉල්ලීමක් - හිමියන් ගුවනින් කොළඹට ගේන්න ලක්ෂ 07කුත් වැය වෙලා

views 561 2018-06-14 02:30:00 news

වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් තවදුරටත් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබනවා. රෝහලේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු දැනුම් දුන්නේ කිරිවෙහෙර නාහිමියන්ගේ සුවදුක් බැලීමට කිසිවෙකුටත් පැමිණීමට ඉඩ නොදෙන බවයි.

උන්වහන්සේට ප‍්‍රතිකාර කිරීමට අදාළ සියලූ වියදම් ආණ්ඩුව විසින් දරනු ලබන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිටියා.

රත්මලානේ සිට හම්බන්තොටට ගොස් යළි නාරාහේන්පිටට ගුවනින් උන්වහන්සේ රැගෙන ඒම සඳහා වැය වූ මුදල ද ආණ්ඩුව ලබාදීමටයි තීරණය කර ඇත්තේ. ඒ සඳහා වැය වී ඇතැයි පැවසෙන මුදල රුපියල් ලක්ෂ හතහමාරක්.

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් හට වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

ඒ, මහසෙන් දේවාලයේ කපු ධුරය දැරූ අසේළ බණ්ඩාර සිද්ධියේ ප‍්‍රධාන සැකකරු බවට අනාවරණය වීමත් සමගයි.

තංගල්ල පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් 08ක් තවදුරටත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ මෙහෙයවනවා. 

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post