යශෝධ රංගේබණ්ඩාරට ඇප - රියදුරු බලපත්‍රය උසාවිය බාරයට

views 365 2018-06-14 02:21:00 news

හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේදී සිදුවූ  අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර හට ඇප ලබාදී ඇති බව ර්තාකරු පවසයි.

හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබාදීමේ නියෝගය නිකුත් කර ඇති අතර ඔහුගේ රියදුරු බලපත්‍රය උසාවිය බාරයට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේදී පසුගිය 6 වනදා මෙම අනතුර සිදුවිය.

අනතුරින් තුවාල ලබා යශෝධ රංගේබණ්ඩාර රෝහල් ගත කෙරුණු අතර පසුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගැණිනි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post