වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක්

views 365 2018-06-14 12:17:00 news

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද (14) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් සබරගමුව,මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

උතුරු-මැද පළාතේ සහ පුත්තලම, මාතලේ, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං තත්ත්වයක් ඇති වීය හැකියි.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය ඉහළ යා හැකි බැවින් පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

එම අවස්ථාවලදී පුත්තලම සිට මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

එබැවින් ධීවර සහ නාවුක ප්‍රජාව ඒ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post