මලයාසියානු මහමැතිවරණයේ ජය මහතීර් මොහොමඩ්ට

views 369 2018-05-10 10:20:00 world

හිටපු මැලේසියානු අග්‍රාමාත්‍යවරයෙකු වූ මහතීර් මොහොමඩ්  මලයාසියානු මහමැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබේ.‍

ඊයේ (09) පැවති මහමැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව මහතීර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂයට ආසන 115ක් හිමිව ඇති බවයි වාර්තා වේ.

වසර 60ක් මලයාසියාවේ පාලනය කළ ජාතික පෙරමුණට මෙවර මැතිවරණයේදී හිමිව ඇත්තේ ආසන 79ක් පමණක් වීම විහේෂත්වයකි.

රජයක්  පිහටුවීම සඳහා අවශ්‍යව ඇත්තේ ආසන 112ක් වේ.

 මහමැතිවරණයේ ජයග්‍රහණයත් සමඟ මහතීර් මොහොමඩ් අද දිනයේ මලයාසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ.

92 හැවිරිදි මහතීර් මොහොමඩ් ලොව වයස්ගතම රාජ්‍ය නායකයා බවට පත්වනු ඇත.

ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහතීර් මොහොමඩ් පවසා ඇත්තේ දේශපාලන පලිගැනීම් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හා නීතියේ ආධිපත්‍යය ඇති කීරීමට බලාපොරොත්තු වන බවයි.

අද සහ හෙට යන දෙදින මලයාසියාවේ රජයේ නිවාඩු දිනයන් ලෙසද ප්‍රකාශයට පත් කර තිබේ.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post