හච්- එටිසලාට් එක්වෙයි. පාලන අයිතිය හච් ට

views 547 2018-04-28 09:35:00 business

Hutchison Telecommunications Lanka (Private) Limited (“Hutch Lanka”) සහ Etisalat Lanka (Private) Limited සමාගම් ද්විත්වයෙහි කටයුතු ඒකාබද්ධ කිරීමට අදාළ සමාගම් දෙකේ මව් සමාගම් තීරණය කර තිබේ. මේ සමබන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ CK Hutchison Group (“CKHH Group”) සහ Emirates Telecommunications Group Company PJSC (“Etisalat Group”) සමාගම්වල ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්නිවේදන මෙහෙයුම් ඒකාබද්ධ කිරීම සඳහා ස්ථිර ගිවිසුමකට එළඹ ඇති බවයි.

මෙම ව්‍යාපාර සංයුක්ත කිරීම හරහා ශ්‍රී ලංකා පාරිභෝගිකයින්ට වඩා උසස් සේවාවක් ලබා දීමට අදහස් කරනු ලබන බව CKHH Group පවසයි. අදාළ ඒකාබද්ධ කිරීමෙන් පසු ස්ථාපිත කෙරෙන නව සමාගමේ බහුතර කොටස් අයිතිය හා පාලක කොටස් අයිතිය CK Hutchison Group සතු වනු ඇත.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post