සමාජ මාධ්‍ය ස්ථාවර වගවීමේ ක්‍රියාවලියකට යටත් කළ යුතුයි - රවී

views 225 2018-03-13 03:11:00 news

සමාජ මාධ්‍ය යලි රට තුල සක්‍රීය කළ යුත්තේ, ස්ථාවර වගවීමේ ක්‍රියාවලිය කට යටත් ව බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියි.

ජාතිවාදය, ආගම් වාදය, අන්තවාදය ව්‍යාප්ත කරමින් රටේ සංහිඳියාව විනාශ කරමින්, ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ තමාට මෙන්ම සමස්ථ අමාත්‍ය මන්ඩලයට, රජය ට විරුද්ධව ජනතාව තුල වැරැදි මතයක්, සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වන්නේ නම් එය කිසියම් පාලනය කට අධීක්ෂණය කට යටත් කිරීමේ වරදක් නොමැති බවද ඔහු පවසයි.

රවී කරුණානායක මහතා මේබව පැවසුවේ ඊයේ (12) දහවල්, තොටළඟ,එක්සත් ජාතික පක්ෂ, කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

උතුරු කොළඹ වැනි ආසනයක පවතින ජාතීන් අතර ආගම් අතර සංහිඳියාව රටට ම ආදර්ශයක් සපයා දී ඇති බවත්, සමාජ මාධ්‍ය වගකීම් සහිතව කටයුතු කරන්නේ නම් කිසිවෙකු භීතියට පත් වී මේ අවශ්‍යතාවයක් නොමැති බවත් පැවසු මන්ත්‍රීවරයා, පසුගිය දින කිහිපයේ මහනුවර ඇති වු සිද්ධි වලට පොලීසිය මුළුමනින්ම වගකිව යුතු බව අවධාරණය කළේය.

ජාතීන් අතර ආගම් අතර විරසකවීම් උත්සන්න කිරීමට සමාජ මාධ්‍ය වගකිව යුතු බවත්, සමාජ මාධ්‍ය පාලනය කිරීමත් සමඟ ගැටුම්කාරී තත්ත්වය පාලනය වූ ආකාරය රටම තේරුම් ගත් කාරණයක් බවද කරුණානායක මහතා කියා සිටියේය.

එමෙන්ම මෙම ගැටුම් වලට අනුබල දුන් පිරිස් අතර රජයේ ඇතැමුන් සිටින බවට තොරතුරු ලැබී බව පැවසු මන්ත්‍රීවරයා, කොළඹ නගරයේ මෙවැනි ගැටුම් නිර්මාණය කිරීමට ඇතැම් දේශපාලනඥයින් උත්සාහ දැරූ බවත් එවැනි අවස්ථා පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කළ බවද පැවසිය.

මෙහිදී මාධ්‍ය වේදියෙකු නැඟූ ප්‍රශ්නය කට පිලිතුරු දෙමින් රවී කරුණානායක මහතා කියා සිටියේ, තෙල්දෙණිය ප්‍රදේශයේ ගැටුම් පිටුපස රජයට සම්බන්ධ ප්‍රභල චරිත සිටින බවට තොරතුරු ලැබී ඇතිබවත්, සුදු බැටළුවන් අතර කළු බැටළුවන් ද සිටින බවයි.



(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post