ඌව වෙල්ලස්ස සරසවිය උණුසුම් වෙයි - දින නියමයක් නොමැතිව වසා දමයි

views 539 2018-03-13 03:09:00 news

පැපොල රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්විද්‍යාලයේ සියලූම පීඨ දින නියමයක් නොමැතිව වසා දැමුණු බව එහි උපකුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසනවා.

ඊයේ(13) දිනය වන විට විශ්වවිද්‍යාල නේවාසිකාගාරයෙන් පමණක් රෝගී සිසුන් 27 දෙනෙකු වාර්තා වු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගනු ලැබු බවද උපකුලපතිවරයා සඳහන් කරනවා.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post