ආර්ථික ඇමති TRC සභාපතිට සමාජ ජාල අවහිර කිරීමේ පාඩුව පහදා දෙයි

views 235 2018-03-13 02:20:00 news

සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්, ඔස්ටින් ප‍්‍රනාන්දු සමග තමන් සාකච්ඡා කළ බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. සාමාජ ජාල මාධ්‍ය අවහිර කිරීම හේතුවෙන් රටට සිදුව ඇති ආර්ථික හානිය පිළිබඳ එහිදී ජනාධිපති ලේකම්වරයා දැනුවත් කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව අදාළ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවා.

තමන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මහනුවර සිද්ධිය පිළිබඳ විමර්ශනයට ජනාධිපතිවරයා විසින් ත‍්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කළ බවයි අමාතවරයා කියා සිටියේ. ඒ අනුව අවහිර කළ සාමාජ මාධ්‍ය යළි යථා තත්වයට පත් කිරීමට ද මෙය අවස්ථාව වන බවයි අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ.

සමාජ ජාල මාධ්‍ය තහනම් කිරීමට පෙර අන්තවාදී හා ජාතිවාදී ප‍්‍රකාශ සිදු කරන දේශපාලනඥයන්ගේ මත සමාජ ගත වීම වැළැක්වීමට පියවර ගත යුතු බව විශ්ව විද්‍යාල සමිති සම්මේලනයද පවසනවා. එම සම්මේලනය කොළඹ දී පැවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම මෙම අදහස් පළ වුණා.

විශ්ව විද්‍යාල සමිති සම්මේලනයේ උප සභාපති ආචාර්ය අනුර කුමාර පවසන්නේ මෙවැනි සිද්ධීන්වලදී දේශපාලනඥයන්ගේ බලපෑම් මත නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වී ඇත්ද යන්නයි.



(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post