ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 7ක්

views 49 2018-02-12 10:45:00 sport

ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 2ක් ද සමගින් මුළු පදක්කම් 7ක් දිනා සිටී.

ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය ක්‍රියාත්මකයි.

විනෝජ් සුරංජය ද සිල්වා, ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගත්තේ ය.

ඒ, තත්පර 10.3ක දක්ෂතාවක් දක්වමිනි.

එහි මූලික වටයේ තරගයේදී ඔහු තත්තපර 10.28ක දක්ෂතාවක් දැක්වූ අතර එය මෙවර තරග සමයේදී ඔහුගේ හොඳ ම දක්ෂතාව ද වේ.

මේ අතර මීටර් 400 පිරිමි ධාවන ඉසව්වට එක් වූ තුෂාර ධනංජය එහි රන් පදක්කම දිනා ගත්තේ තත්පර 46.83ක දක්ෂතාවක් දක්වමිනි.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිලීප රුවන්ට හිමි විය.

මේ අතර හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රිදී පදක්කම හිමි වූයේ මීටර 75යි දශම 3.9ක දක්ෂතාවක් දැක්වූ සම්පත් රණසිංහටයි.

මීටර 400 කාන්තා ධාවන ඉසව්වට එක් වූ උපමාලිකා රත්න කුමාරි ලෝකඩ පදක්කම හිමි වු අතර ඇය දැක්වූ දක්ෂතාව තත්පර 54.89කි.


(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

පුවත්

  • පළමු තරගයේ වීරයා සංගක්කාර

    2018-02-23 09:48:00 Views 3 Read More...

    පාකිස්තාන සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයේ විරයා බවට පත්වීමට ශී‍්‍ර ලංකාවේ කුමාර් සංගක්කාර සමත් වී ති

  • ෂෙහාන් ට ආබාධයක්

    2018-02-21 01:16:00 Views 73 Read More...

    ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක කලව ප්‍රදේශයේ ආබාධයකට ලක්ව ඇතැයි වාර්තා වේ.ඔහු මෙලෙස ආබාධයට

Recent Post