රිච්ටර් මාපකයේ 6.4ක ප්‍රබල භූ කම්පනයක්

views 544 2018-02-07 10:16:00 world

ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 200කට අධික පිරිසත් තුවාල ලබා තිබේ.  

තායිවානයේ, හුවේලියන් ඇතුළු ප්‍රදේශයකට බලපෑ  රිච්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති අතර ප්‍රදේශයේ ගොඩනැගිලි හා මාර්ග වලට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අර්ධ ලෙස කඩා වැටී ඇති ගොඩනැගිලි කිහිපයක තුළ සිරවී සිටි පුද්ගලයින් 150 දෙනෙකු පමණ  මුදාගෙන ඇති අතර මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් සිදුවන බව සඳහන්ය.

හානි වූ ගොඩනැගිලි අතර රෝහල් ද කිහිපයක් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

නිවාස 40,000කට පමණ විදුලිය විසන්දි වී ඇති අතර මාර්ග රැසක ගමනාගමනයද අඩාල වී තිබේ.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post