මාලදිවයින අර්බුදයක

views 541 2018-02-05 09:54:00 world

මාලදිවයින තුළ දේශපාලන අර්බුදයක් හටගෙන තිබෙනවා.

ඒ, එරට රාජ්‍ය පාලන කටයුතු සඳහා හමුදාව සහ පොලිසියේ පූර්ණ සහය ලබාගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කිරීමත් සමගයි.

ඊට ආසන්නතම හේතුව වූයේ ජනාධිපති අබ්දුල්ලා යමින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමක් හෝ දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය සූදානම් වීමයි. එවැනි  ඕනෑම උත්සහයක් වහාම වළක්වන ලෙසටයි මාලදිවයින් රජය එරට ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇත්තේ.

දේශපාලන සිරකරුවන් ලෙස සිටින එරට හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඇතුළු විපක්ෂයේ දේශපාලඥයින් 08 දෙනෙකු වහාම නිදහස් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් සිකුරාදා නියෝග කළා.

එම තීරණය ක‍්‍රියාත්මක වුවහොත් එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය විපක්ෂයට හිමිවනු ඇති. මාලදිවයින් විපක්ෂය පවසන්නේ අධිකරණ තීන්දුවට අවනත නොවීම කුමන්ත‍්‍රණයක් හා සමාන බවයි.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post